2025 ජූනි 21 සෙනසුරාදා, 15:36
නවතම පුවත්

පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කළොත් වෙන වැඩේ මහලේකම් කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කරන අවස්ථා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර පවසා තිබේ.

එම අදහස් පළවන්නේ පාර්ලිමේන්තු ආපනශාලාව වසා දමා ඇති බවට පළවන වාර්තා අතරතුරයි.

“ආපනශාලාව අවභාවිතය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තම පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කරන ප්‍රශ්නයක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට අපි පසුබට වන්නේ නැහැ,” යනුවෙන් පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර The Morning වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත.

“පරීක්ෂණවලින් පසු කිසියම් පුද්ගලයෙක් තම වරප්‍රසාද අවභාවිත කරන බව පෙනී ගියහොත් අපි සාධාරණව ක්‍රියා කරනවා,” යැයි ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මෙම අදහස් පළ කෙරුණේ පාර්ලිමේන්තු ආපනශාලාව අවභාවිත කිරීම හේතුවෙන් වසා දමන බවට පළ වූ වාර්තාවලින් අනතුරුවය.

කෙසේවෙතත්, පාර්ලිමේන්තු ආපනශාලාව වසා නොදමනු ඇති බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තමාට දැනුම් දුන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ප්‍රකාශ කර තිබේ.

දැනට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා දිනකට රුපියල් 2500ක රැස්වීම් දීමනාවක් සහ සෙසු දිනවල කමිටු රැස්වීම්වලට සහභාගි වීම සඳහා රුපියල් 2500ක දීමනාවක් ඇතුළු විවිධ දීමනා සහ ප්‍රතිලාභ ලැබේ.

තවද, ඔවුන්ට රුපියල් 100,000ක කාර්යාල දීමනාවක් සහ රුපියල් 54,285ක මාසික වැටුපක් හිමි වේ.

මන්ත්‍රීවරුන්ට ඉන්ධන පිරිමැස්මක් සහිත වාහනයක් ලබාදීමට නියමිත බවත්, පාර්ලිමේන්තු වාරය අවසන් වනතුරු එය භාවිත කිරීමට ඔවුන්ට අවස්ථාව හිමිවන බවත් වාර්තා විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සුඛෝපභෝගී වාහන ලබා නොදෙන බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ආනන්ද විජයපාල ප්‍රකාශ කර තිබිණි.

කෙසේවෙතත්, වත්මන් රජය පාර්ලිමේන්තුවට ලබාදෙන සහන අඩු කිරීමට සූදානමින් සිටින බවත්, මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති වරප්‍රසාදවල යම් වෙනසක් සිදු කිරීම සඳහා අධීක්ෂණය කිරීමට කමිටුවක් පත් කර ඇති බවත් වාර්තා විය.

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered-Recovered
අලුත්ම ශ්‍රීලංකන් ගුවන් යානය සිය මංගල ගමන ඇරඹයි !
කොළඹ, ශ්‍රී ලංකාව...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
සිඟමන් යදිමින් සිටි බාල වයස්කාර දරුවන් 21ක් පොලිස් භාරයට!
කොළඹ, ශ්‍රී ලංකාව...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ශිරන්ති රාජපක්ෂගේ 'සිරිලිය සවිය' ගිණුම ගැන පාර්ලිමේන්තුවේදී අනාවරණයක්!
රාජපක්ෂ පවුලේ සාමාජිකයන්...
Web image new template new (1)-Recovered-Recovered
අල්ලස් කොමිසම ජයවර්ධනපුර වෛද්‍යවරියගේ වින්දිතයින් සොයයි
අල්ලස් කොමිසම මගින්...

උණුසුම් පුවත්

Web image new template new (1)-Recovered-Recovered-Recovered
අලුත්ම ශ්‍රීලංකන් ගුවන් යානය සිය මංගල ගමන ඇරඹයි !
කොළඹ, ශ්‍රී ලංකාව...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
සිඟමන් යදිමින් සිටි බාල වයස්කාර දරුවන් 21ක් පොලිස් භාරයට!
කොළඹ, ශ්‍රී ලංකාව...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ශිරන්ති රාජපක්ෂගේ 'සිරිලිය සවිය' ගිණුම ගැන පාර්ලිමේන්තුවේදී අනාවරණයක්!
රාජපක්ෂ පවුලේ සාමාජිකයන්...
web 02
මහනුවර ඇසළ පෙරහැරට අලි ඇතුන්ගේ සැලකිය යුතු අඩුවක්
මහනුවර ඇසළ පෙරහැරට...

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...
web 06
බළංගොඩ NPP සභාපති පුටුවෙන් ඉවතට!
බළංගොඩ NPP සභාපති...

Categories