කථානායක අශෝක රන්වල සිය ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් කර ඇති සාවද්‍ය ප්‍රකාශ විසින් පාර්ලිමේන්තුව පරිහානියට ලක්කර ඇති බවත්, සියලුම මන්ත්‍රීවරුන් සිය අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධියට පත්කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා අවධාරණය කරයි.
“මම මගේ සුදුසුකම් ප්‍රසිද්ධ කරන්නේ පාර්ලිමේන්තුව තවදුරටත් පිරිහීම වැළැක්වීම සඳහායි. අනෙක් සියලුම මන්ත්‍රීවරුන් එයම කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා” යැයි ඔහු තම අධ්‍යාපන සහතිකවල ඡායාරූප ජනමාධ්‍යයට පෙන්වමින් සඳහන් කළේය.
සිය සුදුසුකම් පිළිබඳව වඩාත් පැහැදිලි චිත්‍රයක් නිර්මාණය කිරීම සඳහා කථානායකවරයා ද එය කළ යුතු බව ඔහු පැවසීය.