2026 මාර්තු 20 සිකුරාදා, 06:48
නවතම පුවත්

පාර්ලිමේන්තුවේ ප්‍රධානීන්ගේත් දීමනා කපයි…

කථානායක, නියෝජ්‍ය කතානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිට ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම්, නියෝජ්‍ය මහ ලේකම්, සහකාර මහලේකම් සහ පාර්ලිමේන්තු දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ලබාදෙන ඉන්ධන ප්‍රමාණ සැලකිය යුතු ලෙස සීමා කිරීමටත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව තීරණය කොට ඇත.

පාර්ලිමේන්තු මහ ලේකම්ට මෙතෙක් සීමාවකින් තොරව ඉන්ධන සැපයුණු අතර මින් ඉදිරියට මහ ලේකම්ට හිමිවන්නේ අමාත්‍යාංශයක ලේකම්ට හිමිවන ඉන්ධන ප්‍රමාණය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කයි.

එසේම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ සහකාර මහලේකම් සඳහා කිලෝමීටර 1,200ක් දක්වා වූ දුර ප්‍රමාණයකට සරිලන මාසික ඉන්ධන කෝටාවක් සපයන ලද අතර මින් පසුව නියෝජ්‍ය මහ ලේකම්ට හිමිවන්නේ අමාත්‍යාංශයක අතිරේක ලේකම්ට හිමිවන ඉන්ධන ප්‍රමාණය බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

සහකාර මහ ලේකම්ට අමාත්‍යාංශයක ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්ට වෙන් කෙරෙන ඉන්ධන ප්‍රමාණය ලබාදීමටද මෙහිදී තීරණය කර ඇත.

එසේම පාර්ලිමේන්තුවේ මහ ලේකම්, නියෝජ්‍ය මහ ලේකම් සහ සහකාර මහ ලේකම්ට මින් ඉදිරියට ලැබෙන්නේ එක් වාහනයක් පමණි.
පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට මාසිකව කිලෝමීටර් 900ක් දක්වා ඉන්ධන සැපයුණු අතර ඔවුන්ගේ ඉන්ධන කෝටාවද අඩු කෙරුණු ඇත.

පසුගිය කාලයේදී පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානීන් වාහන සහ ඉන්ධන අසීමිතව පාවිච්චි කර ඇති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වීමෙන් පසු වාහන සහ ඉන්ධන ප්‍රමාණ මෙසේ සීමා කිරීමට තීරණය කර ඇත.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රම රත්න විසින් පාර්ලිමේන්තුවේ වාහන සහ ඉන්ධන පරිහරණය සම්බන්ධයෙන් පසුගියදා වාර්තාවක් ලබා ගනු ලැබීය.

මේ අතර පාර්ලිමේන්තුවේ වියදම් සම්බන්ධයෙන් සොයා බලන ලෙස කථානායක විසින් කරන ලද දැනුම් දීමක් අනුව ජාතික විගණන කාර්යාලය විසින්ද ඒ පිළිබඳව විමර්ශනයක් කරගෙන යනු ලැබේ.

පසුගිය කාලයේදී පාර්ලිමේන්තුවේ ප්‍රධානියෙකු තම දරුවා නැගෙනහිර විශ්වවිද්‍යාලයකට යැවීම සඳහාද පාර්ලිමේන්තුවේ වාහනයක් පාවිච්චි කර තිබූ බවට තොරතුරු අනාවරණයවිය. එසේම තවත් නිලධාරිනියක අනුරාධපුරයේ නක්ෂත්‍රවේදනියක හමුවීමටද පාර්ලිමේන්තුවෙන් දෙන ඉන්ධන පාවිච්චි කර තිබූ බවට තොරතුරු හෙළිවිය.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභා රැස්වීම පවත්වා ඇත

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories