2026 මාර්තු 25 බදාදා, 04:38
නවතම පුවත්

පාර්ලිමේන්තුවේ ආහාර සුරක්ෂිතතාවයට නව කමිටුවක්

පාර්ලිමේන්තු ආහාරපාන සේවාව සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කර ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ.

මෙය තීරණය කර ඇත්තේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ගෘහ්‍ය කාරක සභාවේදීය.

පසුගිය අප්‍රේල් මාසයේදී කථානායකවරයාගේ ඉල්ලීම මත බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ ප්‍රධානත්වයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙය සහ ආහාර සම්බන්ධ ස්ථාන සම්පූර්ණ පරීක්ෂාවකට ලක් කරන ලදි. එහි වාර්තාව සවිස්තරාත්මකව ගෘහ්‍ය කාරක සභාවට ඉදිරිපත් කර තිබේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වයි.බී. ඉන්දික මහතා පැවසුවේ, බත්තරමුල්ල ප්‍රදේශයේ රාජ්‍ය ආයතන 150කට ආසන්න ප්‍රමාණයක් සෞඛ්‍ය නිරීක්ෂණය සිදු කළත් පළමුවරට පාර්ලිමේන්තු ආහාරපාන පිළිබඳව සෘජු නිරීක්ෂණයක් සිදුකරන ලද බවයි.

එම වාර්තාව අනුව පාර්ලිමේන්තුවේ ආහාර අමුද්‍රව්‍ය ලබාගැනීම, නිෂ්පාදනය, ගබඩා කිරීම සහ පිළිගැන්වීමේ ක්‍රමවේද පිළිබඳව වඩාත් සෞඛ්‍යාරක්ෂිත මට්ටමක් තහවුරු කිරීමට යෝජනා සකස් කිරීම අවශ්‍ය බව කමිටුව අවධාරණය කළේය.

ඉදිරියේදී මෙම කමිටුවේ සාමාජිකත්වය සඳහා ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ මුළුතැන්ගෙය පිළිබඳ විශේෂඥ ඉංජිනේරුවෙකු/ගෘහ නිර්මාණ ශිල්පියෙකු, පාර්ලිමේන්තු ආහාරපාන හා ගෘහ පාලන සේවා අධ්‍යක්ෂවරයා සහ සම්බන්ධීකරණ ඉංජිනේරුවරයා ඇතුළත් කිරීමට යෝජනා කර ඇත.

එමඟින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්, රාජ්‍ය නිලධාරීන් සහ සේවකයින් සඳහා සපයන ආහාරපානවල සුරක්ෂිතභාවය තහවුරු කරගැනීමේ කටයුතු වේගවත් කිරීමට කථානායකවරයා විශේෂ අවධානය යොමු කළ බවද සභාපති කාර්යාලය දැනුම් දී ඇත.

කමිටුවේ කටයුතුවලට අමතරව, මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාසවල සේවා සැපයීම් හා නඩත්තු කටයුතු පිළිබඳව ද සභාවේ අවධානය යොමු කර තිබේ. එම අඩුපාඩු කඩිනමින් නිරාකරණය කිරීමට ගරු කථානායකවරයා උපදෙස් ලබා දී ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories