2025 අගෝස්තු 15 සිකුරාදා, 12:47
නවතම පුවත්

පාර්ලිමේන්තුවේ අනංගයෝ හොයන්න කමිටුවක් පත්කරයි

පාර්ලිමේන්තුවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට ලිංගික අතවර සිදුවන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක්
සිදුකිරීමට විශේෂ කමිටුවක් පත්කර ඇත.

කථානායක ජගත් වික්‍රමරත්නගේ උපදෙස් මත පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න විසින් මෙම කමිටුව පත්කර ඇත.

කථානායකවරයා මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇත්තේ, සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසිනි.

එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ පසුගිය සති කිහිපය තුළ පාර්ලිමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට ලිංගික අතවර සිදුවන බවට පුවත්පත්වල වාර්තා පළවූ බවයි.

“ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තම යටත් සේවක සේවිකාවන්ට දිගින් දිගටම ලිංගික හිරිහැර කරනවා. මට ලැබී ඇති තොරතුරුවලට අනුව පාර්ලිමේන්තු මහලේකම්වරයා යම් ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙනවා. සමහර සැකකරුවන්ගේ වැඩ තහනම් කර ඇති බවත්, තවත් සමහරුන්ට අනිවාර්ය විශ්‍රාම යන ලෙස නියෝග කර ඇති බවත් අපට දන්වා තිබෙනවා” යනුවෙන් මන්ත්‍රීවරයා පැවසුවේය.

“පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් එහි සිටින සේවිකාවන්ට දිගින් දිගටම ලිංගික හිරිහැර කරන බවට වාර්තා වෙනවා. මම කථානායකතුමාගෙන් ඉල්ලා සිටින්නේ වහාම මේ ගැන සොයා බලන ලෙසයි. මේ පාර්ලිමේන්තුවේ සේවිකාවන් ලිංගික අතවරවලට ලක් වෙනවා නම් ඒක අපි හැමෝටම බලපානවා. කරුණාකර මේ ප්‍රශ්නය වහාම සොයාබලන්න.” යනුවෙන් ද එහිදී මන්ත්‍රීවරයා පැවසීය.

ඊට පිළිතුරු දුන් කථානායකවරයා මේ සම්බන්ධයෙන් තමන්ට මෙතෙක් දැනුම් දී නොමැති බව සහ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

එවැනි සිදුවීම් සම්බන්ධයෙන් ජනමාධ්‍ය මගින් වාර්තා කර ඇතැයි එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් වැඩිදුරටත් පැවසුවේය.

නවතම පුවත්

green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...

උණුසුම් පුවත්

green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories