ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතර ඌරන් ප්‍රවාහනය නවතා දමා තිබෙනවා.
ඒ, මෙරට ගොවිපොළවල් කිහිපයකින් අප්‍රිකානු සූකර උණ රෝගී තත්ත්වයන් වාර්තා වීම හේතුවෙන්.
එම රෝග තත්ත්වය ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ, ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවයි.
උතුරු පළාත හැර අනෙකුත් සියලුම පළාත්වලින් වාර්තා වුණු වෛරස් රෝගයක් හේතුවෙන් ඌරන් දහසකට ආසන්න සංඛ්‍යාවක් පසුගිය දිනවල මිය ගොස් තිබෙනවා.
එම නිසා රෝගය වැළඳී නැති සතුන්ට එන්නත් ලබාදීම සිදු කෙරුණු බව සඳහන් වෙයි.