2025 ජූනි 21 සෙනසුරාදා, 18:24
නවතම පුවත්

ප්‍රසිද්ධ නොකළ පාස්කු දා ප්‍රහාර කොමිෂන් සභා වාර්තා දෙක , දවසක් තුළ මට දෙන්න

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට මුළුමනින් ප්‍රසිද්ධ නොකොට තම භාරයේ තබා ගෙන සිටින එස්.අයි. ඉමාම් සහ ඒ.එන්.ජේ. ද අල්විස් වාර්තා දෙක දවසක් ඇතුළත රජයට භාර දෙන ලෙස උදය ගම්මන්පිල මහතාට අවධාරණය කරන්නේ යැයි මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් මහතා ඊයේ (ඔක්. 15) පැවසීය.

එවැනි වාර්තාවක් මෙතෙක් කලක් තම භාරයේ සඟවා ගෙන සිටියේ නම් එය බරපතළ වරදක් යැයි ද ඒ ගැන සෙවිය යුතු යැයි ද විජිත හේරත් ඇමතිවරයා කැබිනට් තීන්දු දැනුම් දෙන මාධ්‍ය හමුවේදී කීවේ ය.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පළ කළේ, අදාළ වාර්තා දෙක දින 7ක් තුළ ප්‍රසිද්ධියට පත් නොකරන්නේ නම් තමා එම වාර්තා ප්‍රසිද්ධියට පත් කරන බවට පිවිතුරු හෙළ උරුමය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ආණ්ඩුවට කළ අනතුරු ඇඟවීම ගැන මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමිනි.

එහිදී විජිත හේරත් ඇමැතිවරයා දුන් පිළිතුරු මෙසේ ය.

ප්‍රශ්නය : පාස්කු ප්‍රහාරය ගැන වූ වාර්තා දෙකක් ප්‍රසිද්ධ කරන්න ආණ්ඩුවට දින 7ක් දෙනවා යැයි ගම්මන්පිල මහතා කිව්වා. ඇයි ඒවා ප්‍රසිද්ධ නොකරන්නේ?

පිළිතුර: ආණ්ඩුවක් විදිහට අපි වැඩ කරන්නේ වගකීම්සහගතව. යම් අකටයුත්තක් වෙලා තිබෙනවා නම් පරීක්ෂා කර තීන්දු ගන්නවා. ගම්මන්පිල ළඟ ඒක තියෙනවා නම් දින 3ක් අපි කල් දෙනවා. ඒක දෙන්න. ඒක අපට ලේසියි. පිටු අඩු ද? නැද්ද? කියලා අපි බලනවා. ගම්මන්පිල මහත්තයට ලැබුණු විදිහ දැනගන්න අපි කැමැතියි. මෙච්චර කල් තියා ගෙන හිටියා නම් ඒකත් බරපතළ අපරාධයක්.

ප්‍රශ්නය : ඔබ මීට කලින් කිව්වා ජනාධිපති වාර්තා දෙකේ පිටපත් දෙකේ යම් යම් අස්ථානගත වීම් තිබෙනවා කියල. ගම්මන්පිල කියන්නේ ඒ දෙක ම තිබෙනවා. නමුත් දැම්මොත් දේශපාලනික වශයෙන් අවාසි නිසා දාන්නේ නෑ කියලා?

පිළිතුර: ගම්මන්පිල මහත්තය ම තමයි පාස්කු දඩමීමා කර ගෙන ගෝඨාභය බලයට ගෙනාවෙ. එදා ජාතිවාදය අවුස්සලා ගෙනාවෙ. අවුරුදු ගාණක් ඇමැතිකම්වල හිටියා. එහෙම නම් ඔය වාර්තා දෙන්න තිබුණනෙ, දැන් වැළපෙන්නේ. මෙච්චර කල් වාර්තාව හංගන් හිටියා නම් බරපතළ වරදක්. ගෝඨාභයගේ ළඟ ම හිටපු කෙනෙක් නිසා ඒවා අරන් ගියා ද දන්නේ නෑ. පුටින්ටත් වඩා හොඳයි කියල ගෝඨාභය ගෙනාපු ගෝඨාභය මහතීර් මොහොමඩ් වගේ කිව්ව අයනෙ. හොයල බලමු. ඇත්තට ම ඒවා හොයන්න දෙයක් නෑ. ඇත්තට ම තියෙනවා නම් හෙට ම ගෙනැත් දෙන්න. මැතිවරණ කාලේ මෙහෙම විහිළු කරන්න එපා. වාර්තා දෙක හෙට ම ගේන්න.

ප්‍රශ්නය: ගම්මන්පිල කිව්වෙ කිසිම වාර්තාවක් නැති වෙලා නෑ කියලා. පාස්කූ සාක්කි ගත්තේ 457යි කියල. ඒත් ඇත්තට ම වැදගත් වෙන්නේ, ප්‍රකාශ 1588ක් ලබා දී තිබුණා. ප්‍රකාශ 1588 සහිත වෙළුමක් නෑ කියල ජනාධිපති ලේකම් කාර්යාලය අපට කියල තිබෙනවා. රජය විදිහට මේ ගැන හොයල තිබෙනව ද?

පිළිතුර: පාස්කු ප්‍රහාරය ගැන විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. කිසිවෙක් හෝ කිසිවක් හංගන්න අපි මැදිහත් වෙන්නේ නෑ. නිවැරැදි නීතිමය ක්‍රියා මගින් ඔවුන්ට එරෙහිව කටයුතු කරනවා. විටින් විට කරුණු දැක්වීම පරීක්ෂණයට හොඳ නෑ. පරීක්ෂණයෙන් පසු පූර්ණ වාර්තාවක් ජනතාවට දෙන බවට සහතික වෙනවා.

නවතම පුවත්

web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...

උණුසුම් පුවත්

web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...

දේශපාලන

web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...

Categories