නිකුත් කිරීමට ඉතිරිව තිබෙන සියලු ගුවන් ගමන් බලපත්‍ර මාසයක් තුළ නිකුත් කර එම ක්‍රියාවලිය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළේය.
ඒ 10වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට එක්වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් ක්‍රමිකව සිදු කරමින් පවතින බවයි.
ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගැනීම පිළිබඳව ජනතාව තුළ බිඳවැටී ඇති විශ්වාසය නැවත ඇති කිරීම මූලික අරමුණ කරගනිමින් පැය 24 පුරා ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කළ බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටිෙය්ය.