මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්රගාමී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වී තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ හේතුවෙන් ප්රධාන මාර්ගයේ දුම්රිය ප්රමාදයක් පවතින බවයි.
එම දුම්රිය තිඹිරියාගෙදර දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක් වී ඇති අතර දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්ද දුම්රිය ධාවනයේ යම් ප්රමාදයන් ඇතිවිය හැකි බවයි.