2025 අගෝස්තු 17 ඉරිදා, 12:32
නවතම පුවත්

ප්‍රතික්ෂේප වුණු නාමයෝජනාවලට මාලිමාව උසාවි යයි

2025 පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා මාවනැල්ල ප්‍රාදේශීය සභාව, මැදවච්චිය ප්‍රාදේශීය සභාව සහ දමන ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් ජාතික ජන බලවේගය වෙන වෙනම රිට් පෙත්සම් තුනක් ගොනු කර තිබේ.

ජාතික ජන බලවේගයේ ලේකම් නිහාල් අබේසිංහ සහ තවත් කිහිප දෙනෙක් මෙම රිට් පෙත්සම් ගොනු කරමින් අදාළ තේරීම්භාර නිලධාරීන්, දිස්ත්‍රික් මැතිවරණ නිලධාරීන්, මැතිවරණ කොමිසමේ සභාපති, එහි සාමාජිකයන් සහ තවත් කිහිප දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

මැයි 6 වැනි දින පැවැත්වීමට නියමිත මෙම ප්‍රාදේශීය සභා තුන සඳහා 2025 පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීම අදාළ තේරීම්භාර නිලධාරීන්ට තහනම් කරමින් අතුරු නියෝගයක් ඉල්ලා සිටින බව පෙත්සම්කරුවන් පවසයි.

තරුණ අපේක්ෂකයන් ලෙස නම් කරන ලද අපේක්ෂකයන්ගේ උප්පැන්න සහතිකවල හෝ උපන් දිනය සත්‍යාපනය කරන දිවුරුම් ප්‍රකාශවල සහතික කළ පිටපත් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම ඇතුළු හේතු කිහිපයක් මත ජාතික ජන බලවේගය මාවනැල්ල ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා පත්‍රය තේරීම්භාර නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කරන ලද බව පෙත්සම්කරුවන් පෙන්වා දී තිබේ.

මෙම අතපසුවීම පළාත් පාලන මැතිවරණ ආඥා පනතේ 28(4a), 28(2a) සහ 31(1)(e) වගන්තිවලට අනුකූල නොවන බව සළකනු ලැබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වැනි උපලේඛනයට අනුව, සියලුම අපේක්ෂකයන් සහතික කිරීමේ අත්සන් සත්‍යාපනය කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මැදවච්චිය ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා පත්‍රය ද ප්‍රතික්ෂේප කරන ලද බව පෙත්සම්කරුවෝ තවදුරටත් පවසති.

මෙම අතපසුවීම පළාත් පාලන මැතිවරණ ආඥා පනතේ 28(4) වගන්තියට අනුකූල නොවන බව සළකනු ලැබේ.

අදාළ පෙත්සම් නීතිඥ මංජුල බාලසූරිය හරහා ගොනු කරන ලදී.

නවතම පුවත්

kashmeeraya
කාශ්මීර ගංවතුරෙන් දිවි අහිමි වූවන් 300 පනී
පාකිස්තානයේ සහ පාකිස්තාන...
ishrayal
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඊශ්‍රායලය ඊයේ දිනයේදී...
galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...

උණුසුම් පුවත්

ishrayal
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඊශ්‍රායලය ඊයේ දිනයේදී...
galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...
niduneesiya post
ඉන්දුනීසියාව කැළඹූ භූ කම්පනය
ඉන්දුනීසියාවේ සුලවේසි...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories