ලිට්ල් ශ්‍රී පාද දිය ඇල්ල නැරඹීමට යමින් සිටි 64 හැවිරිදි ප්‍රංශ කාන්තාවක් කඳු බෑවුමකින් ඇද වැටී ඇත.
වැටීමෙන් එම කාන්තාවගේ හිසට සහ කකුලට බරපතල තුවාල සිදුවී ඇති බව අපගේ වාර්තාකරු පැවසීය.
ඊයේ (19) සවස බෑවුම් සහිත ස්ථානයකදී මෙම අනතුර සිදු වූ අතර, ෆ්ලයිං රාවණා සේවකයින් ඩ්‍රෝන කැමරා ආධාරයෙන් ඇය සිටින ස්ථානය සෙවූ අතර පසුව ජීවිතාරක්ෂකයින් ඇයව ඉහළට ගෙන ගියහ.
ඉහත සඳහන් විදේශීය කාන්තාව දෙමෝදර රෝහලේ සහ පසුව බදුල්ල මහ රෝහලේ රෝහල් ගත කරන ලදී.