පළාත් සභා මැතිවරණය පැවැත්වෙන දිනයක් නිශ්චිතව ප්‍රකාශ කරන ලෙස මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා අද (17) පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලා සිටියා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සිටි අවස්ථාවේදීම ඔහු මෙම ඉල්ලීම සිදු කළා.
මන්ත්‍රීවරයා කියා සිටියේ, “ආණ්ඩුව පළාත් සභා මැතිවරණය තැබීමට සූදානම් බවත්, පනතේ ගැටලුවක් නිසා එය නොතබන බවත් ඇතැමුන් පවසනවා. එසේ නම්, අප එම ගැටලුව නිරාකරණය කර ගනිමු” යනුවෙන්. මැතිවරණය කල් දැමීමට හේතු වී ඇති නීතිමය ගැටලු කඩිනමින් විසඳා, මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසයි ඔහු මෙහිදී රජයට අවධාරණය කළේ