පළාත් සභා අහෝසි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස සඳහන් කළේය.
ඔහු සඳහන් කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත වනතුරු පළාත් සභා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වනු ඇති බවයි.
ජනතාවගෙන් සහ විවිධ පාර්ශ්වවලින් අදහස් විමසා ප්‍රමාණවත් කාලයක් ලබාගෙන රටට සුදුසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.