2025 ජූනි 22 ඉරිදා, 01:06
නවතම පුවත්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ පෙත්සම කැඳවීමට නියෝග

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ පෙත්සම කැඳවීමට නියෝග
නව තරුණ ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි 2024 වසරේ ඡන්දහිමි නාම ලේඛනය උපයෝගී කරගනිමින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට හැකිවන පරිදි නීති සංශෝධන සිදුකරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇතැයි

2024 වසරේ ඡන්ද හිමි නාමලේඛනය උපයෝගී කරගනිමින් පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා විසින් මෙම දැනුම්දීම සිදුකළේය.

මෙම පෙත්සම අද අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ, තරුණ ඡන්ද දායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන පරිදි 2024 වසරේ ඡන්දහිමි නාමලේඛනය උපයෝගී කරගනිමින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය කරන නීති සංශෝධන සිදුකරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවය.

ඊට අමතරව මේ වන විට භාරගෙන තිබෙන නාම යෝජනා අවලංගු කොට අලුතින් නාම යෝජනා භාර ගැනීමට හැකි වන පරිදි නීති සංශෝධනය කරන ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් උපදෙස් දී ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කරුණු දක්වමින් මෙය මහජනතාවට ඉතා වැදගත් නඩුකරයක් බැවින් ඊට සෑම පුද්ගලයෙකුටම මැදිහත්වීමට හැකිවන ආකාරයේ මෙම නඩුකරය පිළිබඳව භාෂා තුනෙන්ම පුවත්පත්වල දැන්වීම් පළ කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට අවසර දුන් විනිසුරු මඩුල්ල අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු වග උත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙසත් දැනුම් දුන්නේය.
ඊට අනතුරුව මෙම පෙත්සම ජනවාරි මස 29 වනදා කැඳවීමටද නියම වුණි.
දේශ විමුක්ති ජනතා පක්ෂයේ සාමාජික නිහාල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories