පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඊයේ (06) දිනයේ පමණක් පැමිණිලි 89ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව, එම කොමිසම සඳහන් කළේ මේ දක්වා ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 801ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඉන් පැමිණිලි 755ක් ලැබී ඇත්තේ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළව වන අතර, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 04ක් ලැබී ඇති බවද සඳහන් වේ.
ලැබී ඇති පැමිණිලි 801න් 625ක් මේ වන විට විසඳා ඇති බවත්, සෙසු පැමිණිලි 176 සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
අදාළ නිවේදනය පහතින්.
