පාරිසරික ගැටලු සඳහා කඩිනමින් විසඳුම් සෙවීමට නව WhatsApp අංකයක් හඳුන්වාදී තිබේ. පරිසර සංරක්ෂණය උදෙසා ජනතා සහභාගීත්වය ලබා ගැනීමේ අරමුණෙන් අංකය හඳුන්වා දුන් බව පරිසර අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනුව, 076 6412029 යන වට්සප් අංකයට කෙටි පණිවුඩ ලෙස පරිසර ප්‍රශ්න යොමු කළ හැකි අතර එම ප්‍රශ්න පරිසර අමාත්‍යාංශය විසින් අදාළ ආයතන වෙත යොමු කර කඩිනම් සහ තිරසාර විසඳුම් සොයා ගැනීමටත් පසු විපරම් ක්‍රියාවලිය ඔස්සේ විමර්ශන කටයුතු සිදු කරනු ඇති. සඳුදා දින සිට සිකුරාදා දක්වා පෙරවරු 7.00 සිට රාත්‍රි7.00 දක්වා එම WhatsApp අංකයට ගැටලු ඉදිරිපත් කළ හැකියි.