2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 17:35
නවතම පුවත්

පරාටේ නීතිය යටතේ දේපළ පවරා ගැනීම ගැන රජයේ තිරණය

පරාටේ නිතිය යටතේ බැංකු විසින් දේපළ වෙන්දේසි කිරීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම ලබන වසරේ මාර්තු 31 වැනිදා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය මීට අදාළව ගනු ලැබූ තීරණය පහතින් දැක්වේ.

“පසුගිය වසර 04ක කාලය තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට දැඩි ලෙස බලපා ඇති අතර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විසින් බැංකුවලින් ලබා ගත් ණය පියවීමේදී දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුව ඇති බව වාර්තා වී ඇත. එම තත්ත්වය යටතේ ණය පැහැර හැරීම නිසා සැලකිය යුතු ව්‍යාපාරික පිරිසකගේ දේපළ බැංකුවලට පවරාගෙන වෙන්දේසි කිරීමේ පරිසරයක් නිර්මාණය වී තිබීම හේතුවෙන් 1990 අංක 4 දරන බැංකු මඟින් ණය අය කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතට සංශෝධනයක් ගෙන ඒම මඟින් දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම 2024-12-15 දින දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ. පරාටේ නීතිය අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කරන ලෙස කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට සම්බන්ධ සංගම් මඟින් ඉල්ලීම් ඉදිරිපත් කර ඇත. දේපළ වෙන්දේසි කිරීමට ඉඩ දීම වෙනුවට එවැනි ණය ආපසු ගෙවීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් හඳුන්වා දීම මඟින් දෙපාර්ශ්වයටම සාධනීය විසඳුමක් අත්කර ගැනීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම වඩා සුදුසු බව රජය විසින් නිරීක්ෂණය කර තිබේ. ඒ අනුව, 2025-03-31 දින දක්වා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම දීර්ඝ කිරීමටත්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු සහ අනෙකුත් රාජ්‍ය ආයතන ඇතුළු සියලුම පාර්ශ්වකරුවන්ගේ සක්‍රීය දායකත්වයෙන් මෙම ගැටලුව විසඳීමට බහුමාන යාන්ත්‍රණයක් සකස් කිරීමටත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.”

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories