අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ අල්ලස් කොමිසම හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය කාර්යභාර්ය නිවැරදිව ඉටු කරමින් ඇති බවයි .
ඒ අනුව,මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ පැරණි ආණ්ඩුවල සිටි වැරදි කරන ලද සියලු දෙනාටම – විශේෂයෙන් දේශපාලඥයින් හා එම වංචා දූෂණවලට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ට – නීතිය ක්‍රියාත්මක වනු ඇති බවයි .
වත්මන් ආණ්ඩුවට ජනතාව විසින් බලය ලබාදී ඇත්තේ ඒ සඳහා බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, එළඹෙන 16 වැනිදා කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගය විසින් පිහිටුවන බවයි .