රැදවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේගෙන් අනාවරණ වූ කරුණු මත දැනට රටින් පළාගොස් සිටින ගනේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ලවන ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊට අදාළ මෙහෙයුම සිදුකරන්නේ ජාත්‍යන්තර පොලිසියේ ද සහයෝගය මතය.
කෙහෙල්බද්දර පද්මේ විසින් පසුගියදා අනාවරණ කළේ ගනේමුල්ල සංජීව ඝාතනයෙන් දින කිහිපයකට පසු ඉෂාරා සෙව්වන්දි ඩුබායි වෙත පළා ගිය බවයි.
ඒ අනුව දැනට සිදුකරමින් පවතින විමර්ශනවලට අමතරව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් තවදුරටත් විමර්ශන ආරම්භ කර ඇති බවද වාර්තා වන අතර,ඊට අදාළ වැදගත් කරුණු කිහිපයක් පද්මේ විසින් අනාවරණය කරගෙන තිබේ.