කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන අන්වර්ථ නාමවලින් හඳුන්වාගන්නා අත්අඩංගුවට පත් අපරාධ කල්ලි සාමාජිකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ඉන්දුනීසියානු බලධාරීන් සමග දැනටමත් සාකච්ඡා සිදුකරමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය.
ඔවුන් ඉක්මනින්ම ශ්‍රී ලංකාවට ගෙන්වා, නීතිය ක්‍රියාත්මක කිරීමට රජය අරමුණු කරගෙන සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.
මෙම පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා දින 7ක පමණ කාලයක් ගතවූ විශේෂ මෙහෙයුමක් සිදු කළ බව ද අමාත්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් හෙළි කළේය.