කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා වන ත්‍යාගය පිරිනමමින් නොබෙල් ත්‍යාග 2024 ආරම්භ වී තිබෙනවා.
මෙය පිරිනමා ඇත්තේ, ස්වීඩනයේ ස්ටොක්හෝම් හි කැරොලින්ස්කා ආයතනය විසින්.
මෙම වසරේ කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ජාන ක්‍රියාකාරකම් නියාමනය කරන ආකාරය පාලනය කරන මූලික මූලධර්මයක් සොයා ගැනීම වෙනුවෙන් විද්‍යාඥයින් දෙදෙනෙකුට හිමිව ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අමෙරිකානු ජාතික Victor Ambros සහ Gary Ruvkun වෙතයි.
ඔවුන් ජාන නියාමනය කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන කුඩා RNA අණු වල නව පන්තියක් වන microRNA පිළිබඳව මෙම සොයා ගැනීම කර ඇති බව සඳහන්.
ඉදිරි සතිය තුළ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, සාහිත්‍යය, සාමය සහ ආර්ථික විද්‍යා යන ක්ෂේත්‍ර සඳහා අදාල නොබෙල් ත්‍යාග පිරිනැමීමට නියමිතයි.
මෙම ත්‍යාග පිහිටුවන ලද්දේ ඩයිනමයිට් නිපැයුම්කරු ස්වීඩන් ජාතික ඇල්ෆ්‍රඩ් නොබෙල් විසින්