ගත වූ සති දෙකක කාලය තුළ නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 65 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදාව නිවේදනය කළේ ත්‍රිකුණාමලය, නිලාවේලී, පුත්තලම, සහ මන්නාරම ඇතුළු දිවයිනේ වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළ බවයි.
මෙම මෙහෙයුම් අතරතුරදී නීතිවිරෝධී ධීවර කටයුතු සඳහා භාවිත කළ ඩිංගි යාත්‍රා 16ක් සහ තහනම් ධීවර දැල් 5ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර නීතිමය කටයුතු සඳහා අදාළ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාර දී ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.