ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස ගෙන්වූ කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පිරිස ඊයේ (04) යාපනය වේලනෙයි, තුරේයුර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර නීතිවිරෝධීව කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් ගෙන්වූ බවට යුධ හමුදා බුද්ධි තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකා ය මෙම වැටලීම සිදුකර තිබේ.
පොලීසිය පැවසුවේ කෘමි නාශක ඇතුළු කෘෂි රසායනික ද්‍රව්‍ය තොගය රුපියල් මිලියන 50කට ආසන්න බවය.
සැකකරුවන් හා කෘෂි රසායන ද්‍රව්‍ය තොගය යාපනය කයිට්ස් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය හා යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.