2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 12:45
නවතම පුවත්

නීතිවිරෝධීව උපයාගත් වත්කම් පවරා ගැනීමට පියවර – පනත් කෙටුම්පත අප්‍රේල් 8 පාර්ලිමේන්තුවට

නීත්‍යානුකූල නොවන අයුරින් උපයාගත් වත්කම් යළි පවරාගැනීමේ පනත් කෙටුම්පත අප්‍රේල් මස 08වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මාතර වැලිපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ වංචනිකයින්ට සහ දුෂිතයින්ට යළි රට පාලනය කිරීමේ අවස්ථාව ලබා නොදෙන බවය.

“ආණ්ඩුවක් කොහොම ද දූෂිතයින්ට දඬුවම් දෙන්නේ, ආණ්ඩුවක කොහොමද අපරාධකරුවන්ට දඬුවම් දෙන්නේ. මොකද්ද ආණ්ඩුවට තියෙන වැඩ කොටස. ඔන්න ආණ්ඩුවට තියෙනවා නීති ටිකක්. අපි මේ 8 වෙනිදාට පාර්ලිමේන්තුවේ සම්මත කරනවා හොරකම් කරලා වත්කම් එකතු කරගෙන තියෙනවා නම් වත්කම් යළි අත්පත් කරගැනීමේ නීතියක් සම්පාදනය කරනවා. නීතියානුකූල නොවන ආකාරයට උපයාගෙන තියෙන වත්කම් පවරා ගැනීමේ පනත. කිසිවෙකුගෙන් පෞද්ගලිකව පළිගැනීමේ අදහසක් අපට නෑ. මේ අපේ රටේ නීතියේ විධානය, ආදිපත්‍ය යළි මේ මාතෘභූමිය තුළ තහවුරු කිරීම අපේ අපේක්ෂාව.”

2026 වසර වන අයවැය සම්බන්ධයෙන් යෝජනා ලබා ගැනීම මෙම වසරේ ජුනි මාසයේ සිට ආරම්භ කරන බවත්, ආර්ථික අර්බුදය හේතුවෙන් අත්හැර දමා තිබු විදෙස් ආධාර යටතේ ක්‍රියාත්මක වු ව්‍යාපෘති රැසක් යළි ආරම්භ කරන බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

“ව්‍යාපෘති 11ක් ජපන් ආණ්ඩුව දාලා ගියා. ජයිකා බැංකුවෙන් ණය දීලා තිබුණ ව්‍යාපෘති 11 නතර වුණා. නැවත ජපන් රජය එම ව්‍යාපෘති 11ම පටන් ගන්න එකඟතාවය පළ කළා. ඒ කියන්නේ ආර්ථිකය ස්ථාවරයි. ඔයගොල්ලෝ දන්නවා කඩවත – මීරිගම හයිවේ කොටස හදමින් තිබුණා චීනයේ එක්සිම් බැංකුවෙන් ණය මුදලින්. රට බංකොළොත් වුණා. ණය දෙන එක නතර වුණා. ව්‍යාපෘතිය නතර වුණා. අපි ඇස්තමේන්තු කරලා තියෙනවා කෝටි 5,600ක අලාභයක් සිද්ධවෙලා තියෙනවා. දවසකට මිලියන 21ක් චීන සමාගමට පොලිය ගෙවන්න වෙලා තියෙනවා. නැවත චීන රජය සමග කතා කරලා අපි සංචාරයේ දී එකඟවුණා නතර වුණ අධිවේගය ඇතුළු නතර වුණ ව්‍යාපෘති සහ අලුත් ව්‍යාපෘති 76ක් ආරම්භ කරන්න. ඒ කියන්නේ මොකද්ද ආර්ථිකය ස්ථාවරයි.”

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories