2026 මාර්තු 25 බදාදා, 15:00
නවතම පුවත්

නීතිපති දෙපාර්තමේන්තුවේ තනතුරුවලින් බාගෙට බාගයක්ම හිස්

නීතිපති දෙපාර්තමේන්තුවේ තනතුරුවලින් අඩක් පමණ පුරප්පාඩු වී ඇති බවත් කාර්ය මණ්ඩලයේ මෙම හිඟය හේතුවෙන් එදිනෙදා කටයුතු පවා අභියෝගයක් වී ඇති බවත් එම දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවක දැක්වේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ 2023 කාර්ය සාධන වාර්තාවට අනුව, 2023 දෙසැම්බර් 31 වැනි දින වන විට දෙපාර්තමේන්තුවට අනුමත සේවක සංඛ්‍යාව 1,295ක් විය.

කෙසේවෙතත්, එම තනතුරුවලින් පුරවා ඇත්තේ 671ක් පමණක් වේ.

මේ නිසා දෙපාර්තමේන්තුවේ ශ්‍රම බලකායෙන් 48%ක් වන පුරප්පාඩු 624ක් තවමත් ඉතිරි වී තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ වාර්තාව පිළිබඳ සිය නිරීක්ෂණවලදී ජාතික විගණන කාර්යාලය පෙන්වා දී ඇත්තේ මෙම ගැටලුව දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාවට සෘජුවම බලපා ඇති බවයි.

2023 දෙසැම්බර් 31 වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමත ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු 523ක් අතරින් දැනට සිටින කාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව 215ක් පමණක් වේ.

ඒ අනුව තවමත් පුරප්පාඩු 308ක් තිබේ.

අනුමත සේවක සංඛ්‍යාව හා සසඳන විට මෙම පුරප්පාඩුව 59%ක සේවක හිඟයකට සමානය.

තෘතීයික හා ද්විතීයික මට්ටම් සඳහා අනුමත සේවක සංඛ්‍යාව පිළිවෙලින් 15ක් සහ 354ක් වුවද දැනට එම තනතුරුවල සේවය කරන්නේ 7 දෙනෙක් සහ 157 දෙනෙකි.

මෙම මට්ටම් දෙකෙහි ඒකාබද්ධ පුරප්පාඩු සංඛ්‍යාව 205ක් වන අතර එය 56%ක ප්‍රතිශතයකි.

ප්‍රාථමික මට්ටමේ තනතුරු 403න් 292ක් පුරවා ඇතත් තනතුරු 111ක් තවමත් හිස්ව පවතී.

ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ තනතුරේ පුරප්පාඩු 53ක් පවතින්නේ අනුමත සේවක සංඛ්‍යාව 56ක් වන පසුබිමකය.

අනුමත සේවක සංඛ්‍යාව 218ක් වූ රජයේ නීතිඥ තනතුරේ පුරප්පාඩු සංඛ්‍යාව 77කි.

සහකාර රජයේ නීතිඥ (පරිවාස) තනතුරු 130ම මෙන්ම කනිෂ්ඨ සහකාර රජයේ නීතිඥ තනතුරු 28ම පුරප්පාඩු වී තිබේ.

මේ අතර, ද්විතීයික මට්ටමින් කළමනාකරණ සේවා නිලධාරීන් අතර පුරප්පාඩු 50ක් තිබේ.

අධිකරණ ලිපිකරුවන් සහ ලඝුලේඛකයන් සඳහා අනුමත සේවක සංඛ්‍යාව පිළිවෙළින් 60ක් සහ 78ක් වූ නමුත් මෙම තනතුරු සියල්ලම පුරප්පාඩු වී ඇත.

එම මට්ටමේ සමහර පුරප්පාඩු පිරවීම සඳහා 2024 දී රජයේ නීතිඥවරුන් ලෙස 37 දෙනෙකු බඳවා ගත් නමුත්, දැනට දෙපාර්තමේන්තුවේ සිටින්නේ
ඔවුන්ගෙන් තිදෙනෙකු පමණක් බව වාර්තා වේ.

ඉතිරි අය ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර, බොහෝ දුරට පෞද්ගලික සේවයට යෑමට තීරණය කර ඇති බව දැනගන්නට තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුවට සුදුසු පුද්ගලයන් ආකර්ෂණය කර ගැනීමේදී සහ දැනටමත් එහි සිටින දක්ෂතා ඇති අය රඳවා ගැනීමේදී දුෂ්කරතා කිහිපයක් තිබේ.

කොළඹින් පිටත ප්‍රදේශවල රාජකාරිවල නියැලී සිටින රජයේ නීතිඥවරුන් සඳහා ස්ථිර නිවාස ස්ථාපනය කිරීමේ හදිසි අවශ්‍යතාව කාර්ය සාධන වාර්තාවේම සඳහන් වේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සේවය කිරීම සඳහා කොළඹින් පිටත ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැති බව වාර්තාව පෙන්වා දෙයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories