2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 23:56
නවතම පුවත්

නිසාන් වාහන විකිණිල්ල පහත වැටෙයි – සමාගම සේවක රැකියා 9000ක් කපාහරි

චීනයේ සහ අමෙරිකාවේ විකුණුම් පහත වැටීමට මුහුණ දීම සඳහා ගෝලීය නිෂ්පාදනය කප්පාදු කරන බැවින්, දහස් ගණනක් කම්කරුවන් සේවයෙන් ඉවත් කරන බව නිසාන් (Nissan) මෝටර් රථ නිෂ්පාදන සමාගම පවසා ඇත.ජපාන මෝටර් රථ නිෂ්පාදන දැවැන්තයා පවසන්නේ, පිරිවැය ඉතිරිකිරීමේ උත්සාහයක් ලෙස එම සමාගමට සමගාමීව පවතින ලොව පුරා රැකියා 9,000ක් කපාහරින බවයි.

එමඟින් එහි ගෝලීය නිෂ්පාදනය පහෙන් එකකින් අඩුවනු ඇති බව ද සමාගම පවසයි.රැකියා කප්පාදු කරන්නේ කුමන රටවල ද යන්න සම්බන්ධයෙන් බීබීසී ප්‍රවෘත්ති සේවය කළ විමසීමට නිසාන් සමාගම ප්‍රතිචාර දක්වා නොමැත.ඊසානදිග එංගලන්තයේ සන්ඩර්ලන්ඩ් හි ස්ථාපිත නිසාන් මෝටර් රථ නිෂ්පාදන කම්හලේ 6,000 කට වැඩි පිරිසක් සේවය කරයි.

සමාගම 2024 සඳහා එහි මෙහෙයුම් ලාභ පුරෝකථනය 70% කින් කපාහැර ඇත.සමාගම සිය ඉදිරි දැක්ම පහත දැමූ දෙවැනි අවස්ථාව මෙයයි.“මෙම හැරවුම් පියවරයන් සමාගම හැකිළෙමින් පවතින බවක් ඇඟවෙන්නේ නැත,” නිසාන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මකෝටෝ උචීඩා පවසයි..

“නිසාන් සමාගම සිය ව්‍යාපාරය වඩාත් ඔරොත්තු දෙන ලෙස ප්‍රතිව්‍යුහගත කරනු ඇත.” යනුවෙන් ද ඔහු පවසා තිබේ

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories