2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 09:21
නවතම පුවත්

නිෂ්පාදන කටයුතුවල අඛණ්ඩ වර්ධනයක්

නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකාරුවන්ගේ දර්ශකය පසුගිය ජනවාරි මස 59.0 ක දර්ශන අගයක් වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එම බැංකුව තවදුරටත් පවසන්නේ, සේවා අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, සේවා ක්‍රියාකාරකම්වල සුළු වර්ධනයක් පෙන්නුම් කරමින් ජනවාරි මස දර්ශනාංකය 58.5 ක් ලෙස වාර්තා වන බවත් නිෂ්පාදන අංශයේ වර්ධනය සඳහා සියලුම උප දර්ශක ධානාත්මක ලෙස දායක වී ඇති බවත් රෙදිපිළි සහ ඇඟලුම් නිෂ්පාදන අංශයේ බොහෝ දෙනෙක් ජනවාරි මාසයේදී ක්‍රියාකාරකම් වර්ධනය කර ඇති බවත් ය.

එසේම එය නව ඇනවුම්, නිෂ්පාදන, සේවා නියුක්ති සහ තොග මිල ගැනුම් උප දර්ශකවල වර්ධනයට ප්‍රධාන වශයෙන් දායක වූ බවත් දෙසැම්බර් මාසයේ උත්සව සමය නිමවීමෙන් අනතුරුව ආහාර සහ පාන නිෂ්පාදන අංහයේ තව දුරටත් යහපත් ක්‍රියාකාරිත්වයක් පැවැති බවත් එම බැංකුව සඳහන් කරයි.

නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉහළ යෑමත් සමඟ ඇණවුම් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය ද ජනාවාරි මස තව දුරටත් ඉහළ ගොස් ඇති බව ද කියන ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යාපාරිත වාතාවරණය තවදුරටත් වර්ධනය වනු ඇති බවට පවතින අපේක්‍ෂා හේතුවෙන් ඉදිරි මාස තුන සඳහා ඉදිරි දැක්ම ධනාත්මක මට්ටමක පවතින බව ද සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කරන්නේ සේවා අංශයේ ණය දීම ඉහළ යෑම හේතුවෙන් මූල්‍ය සේවා හා සම්බන්ධ ව්‍යාපාර ක්‍රියාකාරකම් අඛණ්ඩ වර්ධනයක් ප්‍රදර්ශනය කරන බව ය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories