ඇමරිකාවේ බටහිර නිව්යෝර්ක් ප්‍රදේශයේ නයගරා දිය ඇල්ලෙන් නගරයට ආපසු ගමන් කළ සංචාරක බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 5 දෙනෙක් මිය ගොස් ඇත.
අමෙරිකානු මාධ්‍ය වාර්තා අනුව, බස් රථය පාලනයෙන් ගිලිහීමෙන් අනතුර සිදුව ඇති අතර එහි ගමන් කරමින් සිටි 52 දෙනා අතරින් බොහෝ දෙනා ආසන පටි නොපැළඳ සිට තිබේ.
අනතුරින් ඇතැම් මගීන් පිරිසක් බස් රථයෙන් පිට වී ගොස් ඇති අතර, 21 දෙනකු තුවාල ලබා රෝහලට ගෙන ගොස් ඇත. එමගින් කිහිප දෙනා දැඩි තත්ත්වයේ ඇති බව සඳහන් වේ.
මෙම සංචාරකයින් ඉන්දියාව, චීනය සහ පිලිපීනයෙන් පැමිණ සිටිය අතර, ළමුන් කිහිප දෙනෙකු ද අනතුරට ලක්වූ බව වාර්තා වෙයි.