මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද (02) දිනයේ සිදුකිරීමට නියමිතව තිබෙනවා
නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ තම දෙපාර්තමේන්තුව වෙත ලැබෙන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු හෙට (03) සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.
මේ සඳහා තැපැල්කරුවන් 8,000 ක් යෙදවීමට නියමිත බව වාර්තා වනවා.