2026 මාර්තු 25 බදාදා, 04:46
නවතම පුවත්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නැතත් ඡන්දය දාන්න පුළුවන්

අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොමැති යම් අයෙක් වේද ඔහුට ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කර සිටියේය .

ඔහු පැවසුවේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව යම්කිසි අයෙකුට මෙතෙක් ලැබී නොමැති නම් අද දිනයේද තමන්ට අදාල උප තැපැල් කාර්යාල ඒ සඳහා විවෘත කර ඇති බවයි .

ඒ අනුව උප තැපැල් කාර්යාල වෙත ගොස් තමන්ට හිමි නිල ඡන්ද පත්‍රිකාව ලබා ගත හැකි බවද කොමසාරිස්වරයා පැවසීය.
කෙසේ නමුත් නිල ඡන්ද පත්‍රිකාව ලබා ගත නොහැකි අයෙක් වේ නම් ඔහුටද කිසිදු බාධාවකින් තොරව ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය භාවිත කළ හැකි බවද ඒ මහතා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා,

“මේක නැතිවුණා කියලා ප්‍රශ්නයක් නෑ. මේක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. මේක නැතිවුණා කියලා ගැටළුවක් නෑ. ඡන්දය ප්‍රකාශ කිරීමේදි අත්‍යවශ්‍ය දෙයක් වෙන්නේ හැඳුනුම්පත. මේක ජාතික හැඳුනුම්පත වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වළංගු විදේශ ගමන් බලපත්‍රය, වළංගු රියදුරු බලපත්‍රය, යම් ලෙසකින් ඔබ විශ්‍රාමිකයෙක් නම් ඔබට රජයෙන් නිකුත් කර තිබෙනවා විශ්‍රාමික හැඳුනුම්පත ඒ හැඳුනුම්පත, ඒ වගේම සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් ප්‍රාදේශීය ලේකම්වරු නිකුත් කරන වැඩිහිටි හැඳුනුම්පත තියෙනවා ඒක භාවිත කරන්න පුළුවන්, ඊටත් අමතරව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරනවා පූජ්‍ය/ පූජක සඳහා වෙනම හැඳුනුම්පතක් ඒ හැඳුනුම්පත භාවිත කරන්න පුළුවන්, ඊට අමතරව පසුගිය කාලයේදී හැඳුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාදයක් තිබුණා. ඒ නිසා ඔවුන් නිකුත් කළා පින්තූර සහිත ලියවිල්ලක් අන්න ඒ පින්තූර සහිත ලිපිය අපි භාර ගන්නවා. ඊට අමතරව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරලා තියෙනවා ආබාධිතයින් සඳහා හැඳුනුම්පතක්.
ඒ වගේම මේ මුකුත්ම නැති කෙනෙකුට තාවකාලික හැඳුනුම්පතක් නිකුත් කළා මැතිවරණ කාර්යාලවලින් මැතිවරණය සඳහා ඡන්දය පාවිච්චි කරන්න. මෙන්න මේ ලියකියවිලිවලින් එකක් තිබුණා නම් ඔබට ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්. ” යැයි ප්‍රකාශ කර සිටියේය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories