සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හෙට තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතව ඇත. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක කියා සිටියේ පසුව තැපැල් දෙපාර්තමේන්තුව විසින් නියමිත පරිදි එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම සිදු කරන බවයි. ඒවගේම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශන හෝ කිසියම් සන්දේශයක් සිය ඡන්දදායකයින් වෙත නොමිලේ බෙදා හැරීමට අවස්ථාව සළසා දී ඇත. මැතිවරණ පනත ප්‍රකාරව මෙය සිදුවන අතර එක් අපේක්ෂකයෙකුට එලෙස සංදේශ හෝ ප්‍රතිපත්ති ප්‍රකාශ යොමු කළ හැකිවනුයේ එක් ඡන්ද දායකයෙක් සඳහා පමණි.