2025 ජූනි 21 සෙනසුරාදා, 17:09
නවතම පුවත්

නිර්වින්දන වෛද්‍යවරයෙකු රිමාන්ඩ්

තම රෝගී තත්ත්වය පිළිබඳ අසත්‍ය වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ බව කියන විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයකු ලබන 13වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහාධිකරණය අද (23) නියම කළේය.

විත්තිකාර වෛද්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක් විසින් ඉදිරිපත් කළ වාර්තාවක් සලකාබැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම නියෝගය නිකුත් කර තිබේ.

තීරුබදු බලපත්‍රවලට විදේශවලින් වාහන ගෙන්වා දෙන බව පවසා වෛද්‍යවරුන්ගෙන් මුදල් ලබාගෙන, සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙම වෛද්‍යවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණි.

මෙම නඩුව ඉකුත්දා කැඳවූ අවස්ථාවේදී විත්තිකාර වෛද්‍යවරයා අධිකරණය පෙනී නොසිටි අතර, තමන්ට අසනීප තත්ත්වයක් පවතින බව දන්වමින් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහෙත් එම වෛද්‍ය වාර්තාව පිළිගත නොහැකි බව තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා, අදාළ විත්තිකරු පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා ඇතුළු පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට නියෝග කර ඇත.

එම වෛද්‍ය මණ්ඩලයේ අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ විත්තිකරු අධිකරණයේ පෙනී සිටිය නොහැකි මට්ටමේ රෝගයකින් නොපෙලෙන බවයි.

ඒ අනුව විත්තිකරු අසත්‍ය වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණය නොමග යැවීමට කටයුතු කර තිබෙන බව පෙන්වා දුන් විනිසුරුවරයා ඉන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ

නවතම පුවත්

web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
අලුත්ම ශ්‍රීලංකන් ගුවන් යානය සිය මංගල ගමන ඇරඹයි !
කොළඹ, ශ්‍රී ලංකාව...

උණුසුම් පුවත්

දේශපාලන

web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...

Categories