අනිද්දා (29) සිට පෙබරවාරි 02 වනදා දක්වා ජාතික නිදහස් සැමරුම් උත්සවයේ පෙරහුරු හේතුවෙන් උදෑසන 06.00 සිට දහවල් 12.00 තෙක් පහත මාර්ග වසා දැමෙන බව පොලිසිය නිවේදනය කරනවා.
- කුරුඳුවත්ත විජේරාම මාවතින් විද්‍යා මාවත දෙසට ඇතුල්වීම.
- කුරුඳුවත්ත බෞද්ධාලෝක මාවතින් මේටිලන්ටි පෙදෙසට ඇතුල්විම.
- කුරුඳුවත්ත බෞද්ධාලෝක මාවතින් ප්‍රේම කීර්ති ද අල්විස් මාවත දෙසට ඇතුල්වීම.
- කුරුඳුවත්ත ස්ටැන්ලි විජේසුන්දර මාවතින් පදනම් ආයතන පාර දෙසට ඇතුල්වීම.
- කුරුඳුවත්ත නිදහස් වටරවුමෙන් නිදහස් චතුරස්‍රය දෙසට ඇතුල්වීම.
- කුරුඳුවත්ත හෝර්ටන් පෙදෙස මේටිලන්ටි ක්‍රසන්ටි හංදියෙන් නිදහස් වටරවුම දෙසට ඇතුල්වීම.
- කුරුඳුවත්ත ආර්.ජී.සේනානායක මාවතින් මේටිලන්ඩි ක්‍රසන්ටි ඔස්සේ නිදහස් වටරවුම දෙසට ඇතුල්විම.
- කුරුඳුවත්ත නිදහස් වටරවුම දෙසින් මේටිලන්ටි ක්‍රසන්ටි දෙසට ඇතුල්වීම තාවකාලිකව වසා දැමෙනු ඇති.