පසුගිය අගෝස්තු 06 වෙනිදා මහරගම නාවින්න හංදිය ප්රදේශයේ හයිලෙවල් මාර්ගයේ රැඳී සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය ලද තොරතුරකට අනුව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් කොට්ටාව ප්රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙඩිතැබීමේ සිද්ධියේ වෙඩික්කරු වන 39 හැවිරිදි කිරිවත්තුඩුව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුගෙන් සිදුකරන ලද ප්රශ්න කිරීම්වඩදී ඔහුගේ නිවසේ තිබි විදේශීය රටක නිෂ්පාදිත ගිනිඅවියක් සහ බෝර 12 වර්ගයේ උණ්ඩ 03ක් සොයාගත් ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.