2025 අගෝස්තු 15 සිකුරාදා, 07:17
නවතම පුවත්

නාවික හා ගුවන්සේවා ශ්‍රමිකයන් පුහුණුවට රජයෙන් පෞද්ගලික අංශයට සහාය

නාවික සහ ගුවන් සේවා ක්ෂේත්‍ර රාජ්‍ය අනුග්‍රහය ලබාදෙමින්, විදේශ විනිමය උපයන මාර්ගයක් බවට පත් කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට රජය අපේක්ෂා කරන බව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි.

මෙම අදහස් පළ කෙරුණේ “කැම්බර් ටෙක්නික්ස් ට්‍රේනින් සෙන්ටර්” විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී කියා සිටියේ, ඉදිරියේදී පෞද්ගලික අංශයේ පුහුණු ක්‍රියාකාරකම්, රාජ්‍ය ධාරාව සහ රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සකසමින් උපාධි ලබාදීමේ ක්‍රියාවලියක් දක්වා පරිවර්තනය කළ යුතු බවයි.

ඉදිරි මාස 6ක් ඇතුළත පෞද්ගලික අංශයට රාජ්‍ය සහාය ලබා දීම පිළිබඳවද අවධානය යොමුව ඇත. එමගින් ජාත්‍යන්තරය සමග තරග කළ හැකි ශ්‍රී ලාංකේය විශිෂ්ට ශ්‍රමිකයන් මෙම ක්ෂේත්‍රයට එක් කිරීමේ හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

“කැම්බර් ටෙක්නික්ස් ඒවියේෂන් ට්‍රේනින් සෙන්ටර්” විවෘත කිරීමේ අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ගුවන් හා නාවික ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට මේ වන විටත් විශේෂිත අවධානයක් සහ ජාත්‍යන්තර පිළිගැනීමක් හිමිව ඇති බවයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories