මුලතිව් සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා මුහුදු ප්‍රදේශවල අද (17)දා සවස් කාලය දක්වා යාත්‍රා නොකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි.
ඒ, එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර 65 ක් දක්වා ඉහළ යෑම හේතුවෙනි.
එමෙන්ම හලාවත සිට කොළඹ, ගාල්ල, සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ ය.