නායයෑම් හේතුවෙන් අවතැන් කඳවුරුවල ජීවත් වන පවුල් සඳහා නව නිවාස ඉදිකිරීම ලබන මාසයේ මුල් සතියේ සිට ආරම්භ කිරීමට නියමිතය.
නායයෑම් හේතුවෙන් අවතැන් කඳවුරුවල ජීවත් වන පවුල් සඳහා නව නිවාස ඉදිකිරීම ලබන මාසයේ මුල් සතියේ සිට ආරම්භ කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 22 ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 51 ක් දැනට අවතැන් කඳවුරුවල රැඳී සිටින බව අමාත්‍යාංශය පැවසීය.
ඔවුන් සඳහා නව නිවාස ඉදිකිරීම ත්‍රිවිධ හමුදාව විසින් භාරගෙන ඇත.