පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම්වලට අදාළ මේ වන විට ප්‍රතික්ෂේප කරන ලද නාම යෝජනා පත්‍ර සම්බන්ධයෙන් නියෝගය හෙට ( 4) ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද ( 3) දැනුම් දුන්නේ ය.
ඒ අනුව, විධිමත් ලෙස දිවුරුම ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම උප්පැන්න සහතිකවල සහතික පිටපත් මෙන් ම උප්පැන්න සහතිකවල ඡායා පිටපත් පමණක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනාවලට අදාළව ගොනුකරන ලද පෙත්සම් පිළිබඳ තීන්දුව අභියාචනාධිකරණය විසින් හෙට ප්‍රකාශයට පත්කිරීමට නියමිත ය.