2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 17:22
නවතම පුවත්

නාමල් රාජපක්ෂ හා මෝදි අතර හමුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුව තිබේ. නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුව ඇත්තේ, ඉන්දියාවේ පැවැත්වෙන “භාරතයේ පිබිදීම” සමුළුවට සහභාගී වී සිටින අතරතුරදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ “භාරතයේ පිබිදීම” සමුළුව අමතා දේශනයක්ද සිදුකර කර තිබුණු අතර “භාරතයේ පිබිදීම” සමුළුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ, ශ්‍රී ලංකාවේ පැවැති ආර්ථික අර්බුදයට ප්‍රධානතම හේතුව මෙරට සංවර්ධන ව්‍යාපෘති දේශපාලන හේතූන් මත කල්යෑම බවය.

ඔහු සඳහන් කළේ උදාහරණයක් ලෙස 2015 වසරේදී සාම්පූර් බලාගාරය ආරම්භවීමට නියමිතව තිබුණ ද එය කල්යෑමේ ප්‍රතිඵලයක් ලෙස බලශක්ති අර්බුදය ඇතිවූ බවයි. 2022දී ඇතිවූ මෙම බලශක්ති අර්බුදය පසුව මූල්‍ය අර්බුදයක් බවට පත්වූ බව මන්ත්‍රීවරයා සඳහන් කළ අතරම ඉන්දියාවේ පැවැති “භාරතයේ පිබිදීම” සමුළුව අමතමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කර ඇත.

අමෙරිකාවේ තීරුබදු සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ දකුණු ආසියාවේ සියලු ජාතීන් දේශපාලන බෙදීම්වලින් තොරව කලාපයේ හවුල්කාරීත්වය තහවුරු කිරීමට කටයුතු කළයුතු බවත් ඉන්දියානු සාගර කලාපයේ රටවල් නව වෙළෙඳ හවුල්කාරීත්වයක් ගොඩනගා ගතයුතු බවද ඔහු පැවසීය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories