2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 19:11
නවතම පුවත්

නාමල් ඡන්දය මගහරී

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙසින් ඉදිරිපත් වූ එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ 2024 මහ මැතිවරණය සඳහා තරඟ නොකරන බව පක්ෂයේ විශ්වසනීය මුලාශ්‍රයක් සඳහන් කළේ ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර මැතිවරණය සඳහා මෙතෙක් නාම යෝජනා භාර දී නොමැති අතර ඔහු මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් නොවීමට තීරණය කර ඇතැයි පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසීය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ද මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් නොවී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට සැලසුම් කර ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කළේ ය.

ඒ අනුව, මෙවර මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්ක කණ්ඩායම් නායක ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක පත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කර තිබේ.

මෙවර මහ මැතිවරණය පක්ෂයක් වශයෙන් ඉතා තීරණාත්මක බැවින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ එක් දිස්ත්‍රික්කයට සීමා කිරීම සිදු නොකළ යුතු යැයි පක්ෂයේ දේශපාලන මණ්ඩලය හා විධායක සභාව තීරණය කර තිබේ.

ඒ අනුව, 2024 මහ මැතිවරණය සඳහා නාමල් රාජපක්ෂ ඉදිරිපත් නොවන බව ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් පැවසීය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories