ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සාක්ෂි නිර්මාණය කර, එළඹෙන සතියේ තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බවට තොරතුරු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කර ඇත.
ඉදිරි සතියේ සිට තමන්ට ඔවුන් දෙදෙනා සමග එක් වීමට ඉඩක් ඇති බවත් නාමල් පවසා ඇත.
ඔහු මේ බව පැවසුවේ නට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කෙහෙලිය රඹුක්වැල්ල හා මහින්දානන්ද අලුත්ගමගේ යන හිටපු අමාත්වරුන්ගේ සුවදුක් බැලීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේදීය.