ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද (18) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදීම සිදුකෙරුණි.
නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ මෙම අධිචෝදනා පත්‍ර අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ භාරදීම සිදුවුණු අතර ඉන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ, විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා ඇපමත මුදා හැරීමටය.