පාර්ලිමේන්තු මන්ත්රී , පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක වන නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් පෙරබරවාරි මස 13 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබෙන අතර,
ඒ පැමිණිල්ල අද (05) කොළඹ ප්රධාන මහෙස්ත්රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීමෙන් අනතුරුව.
නාමල් රාජපක්ෂ මහතා මන්ත්රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් හෙලෝකෝප් සමාගමේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් පසුගිය යහපාලන රජය සමයේ මෙම පැමිණිල්ල ඉදිරිපත්ව තිබුහ.
එහිදී විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ මෙම විමර්ශනයට අදාළ උදෘත සියල්ල උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවටයි.
එහිදී නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව පොලිසිය අධිකරණය ඉදිරියේ දැනුම් දෙනු ලැබුනු අතර,
පසුව අදාළ පැමිණිල්ල පෙබරවාරි මස 13 වැනිදා යළි කැඳවීමට නියෝග කළ මහෙස්ත්රාත්වරයා එදින මෙම කටයුතුවල ප්රගතිය දැනුම් දෙන ලෙසත් නියෝග කෙරුනහ.