2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 16:15
නවතම පුවත්

නාමයෝජනා භාරදෙන අපේක්ෂකයින්ට පෙළපාලි තහනම්

2025 පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම සඳහා නාමයෝජනා භාරගන්නා දිනයන්හි දී අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ද පැවැත්වෙන බැවින් එම සිසු සිසුවියන්ට බාධාවක් නොවන අන්දමින් හැසිරීමට නාම යෝජනා භාරදෙන සියලුම අපේක්ෂකයින් තරයේ වගබලා ගතයුතු බව මැතිවරණ කොමිසම පවසයි.

අද (14) පස්වරුවේ මාධ්‍යවෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාව දැනුම්වත්කර ඇති බවත් එවැනි බාධා වන අන්දමින් යම් අපේක්ෂකයෙක් කටයුතු කළහොත් නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසට දැනුම් දී ඇති බව ද ඒ මහතා අවධාරණය කරයි.

එමෙන්ම, නාම යෝජනා භාරගැනීම මාර්තු මස 20 වනදා මධ්‍යහන 12 න් පසුව අවසන් වන බවත් ඉන් පසුව ද කිසිදු පෙළපාලියක්, රථවාහන පෙළපාලියක් හෝ එක්රැස්වීමක් සිදුකිරීමට නීතියෙන් අවසරයක් නොමැති බවද ඒ මහතා පවසයි.

මේ අතර, අධ්‍යන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 17 වනදා සිට මාර්තු 26 වනදා දක්වා පැවැත්වීමට නියමිතය බැවින් ඒවන තෙක් ද කිසිදු අයුරකින් විභාගයට පෙනිසිටින සිසු සිසුවියන්ට පීඩාකාරි ක්‍රියාවක් සිදුනොවීමට අපේක්ෂකයින් වගබලා ගතයුතු බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

“2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මේ මස 17 වනදා එළැඹෙන සඳුදා පෙ.ව 8.30ට දිස්ත්‍රික 25ම තේරීම් භාර නිලධාරි කාර්යාලවලදී ආරම්භ වෙනවා. නාමයෝජනා භාරගැනීම 20 වනදා මධ්‍යහන 12 දක්වා සිදු කිරීමට නියමිතයි. ඇප මුදල් භාර ගැනීම 19 වනදා මධ්‍යහන 12 දක්වා සිදු කිරීමට නියමිතයි.”

“20 නාමයෝජනා භාරගැනීම අවසන් වූ පසුව පස්වරු 12 සිට 1.30 දක්වා විරෝධතා කාලසීමව පවත්වනවා. ඒ කාලය අතරතුර යම්කිසි කෙනෙකුගේ නාමයෝජනා පත්‍ර සම්බන්ධයෙන් විරෝධතාවය දැක්වීමට එම නාමයෝජනා ඉදිරිපත් කිරීම සඳහා බලය ලත් නියෝජිතයින්ට හැකියාව තියෙනවා. ඒවගේම පස්වරු 1.30 න් පසුව ඒ භාර දී තිබෙන අදාළ නාමයෝජනා ප්‍රතික්ෂේපවීම් හෝ භාරගැනීම් පිළිබඳව තීරණය තේරීම් භාර නිලධාරීන්ගේ තීරණය ප්‍රකාශයට පත් කරනවා. ඉන් පසුවයි ස්වාධින කණ්ඩායම් සඳහා අදාළ සලකුණු නිකුත්කිරීම කරනු ලබන්නේ. “

“අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 17වනදා සිට 26 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ නිසා නාම යෝජනා භාරදෙන සියලුම අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිනවා නාම යෝජනා කාලසීමාව තුල සහ නාමයෝජනා අවසන්වීමෙන් පසුව විභාගය පැවැත්වෙන කාලසීමාව තුල විභාග අපේක්ෂකයින්ට බාධාවක් නොවන අයුරින් තමන්ගේ කටයුතු කරගෙන යන ලෙස.”

“විශේෂයෙන් 20 වනදා මධ්‍යහන 12න් පසුව නාමයෝජනා කාලසීමව අවසන්වීමෙන් පසුව කිසිදු පෙළපාලියක්, රථවාහන පෙළපාලියක් හෝ එක්රැස්වීමක් සිදුකිරීමට නීතියෙන් අවසරයක් නෑ. ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුම්වත් කරලා තියෙන්නේ නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසට. විශේෂයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල අවට විභාග මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා. ඒ අනුව ඒ විභාග මධ්‍යස්ථානවල විභාගයට පෙනි සිටින දරු දැරියන්ට කිසිදු බාධාවක් නොවන ආකාරයෙන් ඒ නාම යෝජනා භාරදෙන අපේක්ෂකයින් හැරීම අවශ්‍යයි. ඒ වගේම නාමයෝජනා භාරදීමෙන් පසුව 26 වනදා දක්වා කාලය තුලත් විභාග මධ්‍යස්ථාන අවට තම තමන්ගේ ප්‍රචාරක කටයුතු කිරීමෙන් වැළකිසිටීම අත්‍යාශ්‍ය වනවා.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories