2024 මහ මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද මධ්‍යහන 12න් අවසන් වීමට නියමිතව තිබෙනවා.
ඊට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා පස්වරු 1:30 දක්වා කාලය ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
මෙවර මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් 349ක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
එමෙන්ම, දේශපාලන පක්ෂ 147ක් සහ ස්වාධීන කණ්ඩායම් 94ක් ඊයේ දිනය වනවිට නාමයෝජනා භාරදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
මැතිවරණ වියදම් නියාමන පනතට අනුව මහ මැතිවරණයට අදාළව එක් එක් අපේක්ෂකයින් විසින් වියදම් කළ යුතු මුදල් ප්‍රමාණය පිළිබඳව ඉදිරියේදී දැනුම්වත් කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.