නව විදුලි බල පනතට අනුව ලංකා විදුලි බල මණ්ඩලය සමාගම් හතරකට ප්‍රතිව්‍යුහගත කිරීමත් සමග, සේවකයින්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්නා අවස්ථාවක් සලසන “2025 ශ්‍රී ලංකා විදුලි බල ස්වේච්ඡා විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමය” බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා නිකුත් කර ඇත.
අදාළ නියෝගය අනුව, සමාගම් හතරට අනුයුක්ත වීමට අකමැති සේවකයින්ට විශ්‍රාම ගැනීමේ අවසරය හිමි වන අතර, එමගින් විශේෂ වන්දි මුදල් ගෙවීමේ නියමයන් ද නිකුත් කර ඇත.
සේවය අවුරුදු 10ක් හෝ වැඩි සේවකයින්ට: කල සේවයේ සෑම අවුරුද්දකටම මාස 2ක වැටුප/ඉතිරි කළ හැකි සේවය සඳහා සෑම අවුරුද්දකටම මාස 1.5ක වැටුප
අවුරුදු 10ට අඩු සේවකයින්ට: කල සේවයේ සෑම අවුරුද්දකටම මාස 5ක වැටුප/ඉතිරි කාලයට ගෙවීම් නොමැත
මෙම යෝජනාව යටතේ ගෙවීම් රු. ලක්ෂ 9ක අවමය සහ රු. මිලියන 5ක උපරිමය යටතේ සිදු කරන බවත්, නමුත් අවසන් නිර්දේශ තවමත් නිකුත් කර නොමැති බවත් වාර්තා වේ.