2025 අගෝස්තු 15 සිකුරාදා, 00:12
නවතම පුවත්

නව ජනපති අනුර කාදිනල් හිමි බැහැදකී

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැක ආශිර්වාද ලබාගෙන තිබේ.

බොරැල්ල අගරදගුරු නිල නිවස වෙත පැමිණි ජනාධිපතිවරයා එහිදී අගරදගුරු හිමි පාණන් බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසදරක නිරත වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙහිදී කාදිනල් හිමිපාණන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට සිය සුබ පැතුම් එක්කර තිබේ.

එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

“ශ්‍රී ලංකාවේ වැඩිම ජනතාවකගේ කැමැත්තෙන් ජනාධිපති ධුරයට පත්වූ අනුර කුමාර දිසානායක මහතාට මම සුබ පතනවා. ඒ වගේම මම කල්පනා කරනවා ලංකාව තුළ අවශ්‍යම වෙනසක් ඇති කිරීමේ බාරදුර කටයුත්ත ලංකාවේ ජනතාව එතුමාගේ කර උඩට දැන් පවරා තියෙනවා. මෙය දුෂ්කර කටයුත්තක් වෙන්න පුළුවන්. නමුත් අපේ සම්පූර්ණ සහයෝගය හා ආශිර්වාදය ලබාදෙන බවට ප්‍රතිඥා දෙනවා. ඒ වගේම දුප්පත් ජනතාව ගැන නිතර සිතමින් ඔබතුමාගේ කාර්ය ඉදිරියට කරගෙන යන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.”

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23) පස්වරුවේ කොළඹ දවටගහපල්ලිය වෙත ගොස් මුස්ලිම් ආගමික වතාවත් සඳහා එක්ව ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories