2026 මාර්තු 20 සිකුරාදා, 12:52
නවතම පුවත්

නව ජනපතිට පාප්වහන්සේගෙන් සුභ පැතුම් එක්වෙයි

ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අ බුයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමියෝ අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුණගැසුණි.

මෙහිදි අනුර කුමාර දිසානායක මහතා ශ්‍රි ලංකාවේ නව ජනාධිපති ධූරයට පත්වීම නිමිත්තෙන් සිය උණුසුම් සුබ පැතුම් පිළිගැන්වූ වනිකාන තානාපතිවරයා, කතෝලික සභාවේ ප්‍රධානී සහ ස්වෛරී වතිකාන රාජ්‍යයේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ හෘදයාංගම සුබපැතුම් ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව සාර්ථකත්වය සහ සෞභාග්‍ය කරා ගෙන යාමට හැකිවනු ඇති බව පැවසූ වතිකානු තානාපති උඩෙයිග්වේ හිමි ඒ වෙනුවෙන් තමන් හදවතින්ම සුඛ පතන බවද ප්‍රකාශ කරයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව මෙහිදී සුබවාදීව අදහස් පළ කළ අති උතුම් උඩෙයිග්වේ හිමි ජනතාව අපේක්ෂා කරන අයුරින්ම මනා සංවර්ධනයක් රට තුළ මේ වන විටත් සිදු වෙමින් පවතින බවද සඳහන් කරයි. ඒ පිළිබඳ ජනාධිපතිවරයාගේ දැක්ම සහ කැපවීම ඇගයිමට ලක් කළ තානාපතිවරයා එම සියලු ප්‍රයත්නයන් වෙනුවෙන් වතිකානයේ සහාය ලබා දෙන බව වැඩිදුරටත් පවසයි.

ශ්‍රී ලංකාව මුහුණු දුන් අතිශය අමිහිරි අත්දැකීමක් වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ද මෙහිදී කණගාටුව ප්‍රකාශ කළ උඩෙයිග්වේ හිමි ඒ පිළිබඳ විනිවිද භාවයෙන් සහ විශ්වාසනීත්වයෙන් යුතුව පරීක්ෂණ පැවැත්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මුල පිරීම ද පැසසුමට ලක් කළේය.

වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල් වලට යුක්තිය සහ සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා ගෙන යන අඛණ්ඩ උත්සාහයට වතිකානයේ පුර්ණ සහයෝගය ලබා දෙන බවට ද උඩෙයිග්වේ හිමි සහතික විය.

ශ්‍රී ලංකාව සහ වතිකානය අතර පවතින ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳව ද මෙම හමුවේදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර, ශ්‍රී ලාංකේය ජාතියේ සහ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් දෙරට අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වතිකාන තානාපති බුයන් උඩෙයිග්වේ හිමිපාණන් එකඟ වූහ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories