ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන එච්.එම්.ඩී.එන්.කේ. වටලියද්ද මහත්මිය ඊයේ (24දා) නාරාහේන්පිට ‘මෙහෙවර පියස’ ගොඩනැඟිල්ලේ 8 වන මහලේ පිහිටි කම්කරු අමාත්‍යාංශයේදී කම්කරු කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩ භාර ගත්තාය. කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.