සංචාරක නවසීලන්ත පිල හා ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් එක්දින තරගය අද පස්වරු 02.30ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.
අද තරගය සඳහා පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.ඒ ඉදිරි දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ක්‍රීඩා කිරීම සඳහා ඔහුන් දිවයිනෙන් පිටව යාමත් සමගයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඔවුන් වෙනුවට නුවනිඳු ප්‍රනාන්දු, ළහිරු උදාර සහ එෂාන් මාලිංග සංචිතයට කැදවා ඇති බවයි.
දෙරට අතර එක්දින තරගාවලිය 2-0 ලෙස මේ වනවිට ශ්‍රී ලංකාව ජයගෙන ඇති අතර අද තරගයද ජයගනු ලැබුවහොත් ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි ජයක් ලැබීමට අවස්ථාව හිමි වේයි.